Wednesday, January 15, 2025

General line - 0115112241

ෆේස්බුක් ගිණුමේ දත්ත සොරා ගෙනද ? අනතුරු ඇගවිමේ නිවේදනය දැන් ඔබගේ ගිණුමටම

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කේම්බ්‍රිජ් ඇනලටික් දත්ත විශ්ලේශකයින් විසින් නිතිවිරෝධිව එක් රැස්කල මිලියන 87ක් වන ෆේස්බුක් ගිණුම් අතර තමාගේ ගිණුමද ඇතුලත්ද යන්න ගැන  සොයා ගත හැකි බවට ෆේස්බුක් සමාගම පවසනවා.

ඒ අනුව සියළුම ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත නිතිවිරෝධිව පරිශිලනය කර ඇත්ද යන්න ගැන දන්වා නිවේදන දෙකක් ඔවුන්ගේ ගිණුම් වලට යැවිමට ෆේස්බුක් සමාගම කටයුතු යොදා තිබෙනවා. 

ඒ අනුව ෆේස්බුක් ගිණුම් හිමියන් සිය ගිණුම හරහා භාවිත කරන යෙදුම් මොනවාද? එම යෙදුම් මගින් එක් රැස් කරනු ලබන දත්ත මොනවාද යන්න ගැන තොරතුරුද  පෙන්වනු ඇත.

මේ අතර පසුගියදා  " Cubeyou" නම් තවත් දත්ත විශ්ලේශක සමාගමක්  අත්හිටුවිමට ෆේස්බුක් සමාගම පියවර ගනු ලැබු අතර එයට හේතුව වුයේ කේම්බ්‍ර්ජ් සරසවිය සමග එක්ව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රැස් කරනු ලබන ගිණුම් හිමියන්ගේ දත්ත වාණිජ පරමාර්ථයෙන් සඳහා යොදා ගන්නා බවට ඇතිවු සැකයක් හේතුවෙනි.

කෙසේ නමුත් "Cubeyou" නම් දත්ත විශ්ලේශක සමාගමේ කටයුතු පිළිබදව ෆේස්බුක් සමාගම මේ වන විට විමර්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.