Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියානුවන් සලිත කරමින් තවත් සමුහ දුෂණයක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ළමා දුෂණ සිද්ධීන් වලට එරෙහිව ඉන්දියාව පුරා ප්‍රබල ජනතා විරෝධයක් ඇතිවෙමින් තිබෙන මෙහොතක අසාම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ ගම්මානයක ජිවත් වූ 11 හැවිරිදි දැරියක් දුෂණය කොට පුළුස්සා මරා දමා ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

මෙම දැරිය දුෂණය කර මරා දැමු බව කියන 21 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයෙක් සහ තවත් බාලවයස්කරුවන් දෙදෙනෙක් ගම්වැසියන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම දැරිය ගේ දෙමව්පියන් ගොවියන් වන අතර ඔවුන් සිය වගා බිමේ සිටින විට ගම්වැසියන්ගේ දැනුම් දීමක් මත නිවසට යන විට ඒ අසල 11 හැවිරිදි සිය දියණියන් පිළිස්සුම් තුවාල ලබා වැටී සිටින අයුරු දැක තිබෙනවා.

පසුව දැරිය රෝහල් ගත කර තිබු අතර ඒ වන විටත් ඇයගේ ශරීරයෙන් 90% ක ප්‍රමාණයක් පිලිස්සීමට ලක්ව තිබු අතර ඇය තමාට සිදුවූ අපරාධය හා එය සිදුකල අපරාධකරුවන් ගැනද ඇය විසින් හෙළිකර තිබෙනවා. රෝහල් ගත කල දින රාත්‍රියේදී එම ඇය මිය ගොස් තිබෙනවා.

කෙසේ නමුත් අවසානයේදී ගම්වැසියන් විසින් බාලවයස්කාරුවන් දෙදෙනාව අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. ප්‍රධාන සැකකරු වූ 21 හැවිරිදි සාකිර් හුසේන් වෙනත් ප්‍රදේශයක සැගවී සිටියදී ගම්වැසියන් ලබා දුන් තොරතුරක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

දිනෙන් දින ඉන්දියාවේ ලාබාල දැරියන් දුෂණය කිරීමේ සිද්ධීන් ඉහල ගොස් තිබෙන අතර සිවිල් සංවිධාන හා පුද්ගලයින් මේ ගැන විරෝධතා දැක්වමින් චෝදනා කරන්නේ රජය විසින් මෙවැනි අපරාධකරන දුෂිතයින්ට එරෙහිව දැඩි නීති පැනවිය යුතු බවයි.