අලූත් අවුරුදු සමයේ සුරාබදු අපරාධ සිදුකරන ස්ථාන 3,500කට වැඩි ගණනක් පරික්ෂාවට පත්කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී සුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 3213 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ගත් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
නිතී විරෝධි ලෙස මධ්‍යසාර ස්ප්‍රීතු නිපදවූ 235 දෙනෙකු සහ නීති විරෝධී ලෙස මත්පැන් විකුණූ 841 දෙනෙකු ඒ අතර වන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා. නීති විරෝධි ලෙස සීමාව ඉක්මවා මත්පැන් ප්‍රවාහනය කළ 1786 දෙනෙකුද අපේ‍්‍රල් මස 09 වනදා සිට 15 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.