Friday, September 20, 2024

General line - 0115112241

ජනපති ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයට (UPDATE)




පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පස්වරුවේ ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවා.

විහාරස්ථානයේ ආගමික වතාවත්වල ද නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද සිදු කළා.

-----------------------------

බ්‍රිතාන්‍යයෙන් ජනපතිට පොරොන්දුවක් (UPDATE)

(19-04-2018 09:18)

 

ශ‍්‍රී‍්‍රි ලංකාව තුළ සෘජු ආයෝජන රැසක් සිදු කිරීමට සූදානම් බව බි‍්‍රතාන්‍ය පවසනවා.

එරට ජාත්‍යන්තර වෙළද අමාත්‍ය ලියම් ෆොක්ස් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ජාවකදී කියා සිටියේ ඒ සඳහා වූ පියවර කඩිනමින් ගන්නා බවයි.

ශ‍්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබද බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියේද තොරතුරු ඇතුලත් කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ විදුලිබල උත්පාදන ක්ෂේත‍්‍රයේ නව ආයෝජන පිළිබද ශ‍්‍රී ලංකාව විශේෂ අවධානයක් දක්වන බවයි.

කෘෂිකාර්මික සහ පශු සම්පත් යන ක්ෂේත‍්‍රයන්හි ආයෝජන කෙරෙහිද ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

-------------------------------------

පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදය හමුවේ ජනපති කී කතාව (VIDEO)

(18-04-2018 18:57)

 

සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහි කිරීමට පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී ඇති අතර එම සැලසුම්  ක‍්‍රියාවට නංවා ඊට ජීවය ලබා දීමට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කැපවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ලන්ඩන් නුවරදී අද (18) පැවති පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරක සංසදයේ ප‍්‍රධාන දේශණය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

තිරසර සංවර්ධන ඉලක්ක කරා ලගා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් වන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.