Friday, September 20, 2024

General line - 0115112241

ලෝක උරුම වනබිම රැකගන්න අලුත් වැඩක්

හේවා පී කරුණාරත්න - මාතලේ




ලෝක උරුමයක් වන නකල්ස් වනාන්තරයට ඇතුලූ වන දඩයක්කරුවන් වැටලීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පැය විසි හතර පුරා කි‍්‍රයාත්මක වැටලීම් ඒකකයක් පිහිටුවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එමගින් නකල්ස් වනාන්තරය තුළ සතුන් දඩයම් කරන පුද්ගලයින් සහ පැළෑටි සොරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වනවිටත් නකල්ස් වනාන්තරය තුළ මහා පරිමාණයෙන් සිදුවන සතුන් දඩයම හා ජෛව විවිධත්ව හානිය අවම කර ගැනීම මෙම වැඩපිළිවෙලේ ප‍්‍රධාන අරමුණයි.