Friday, September 20, 2024

General line - 0115112241

ඊයේ ගැසූ බද්දක් නිසා රන් මිල නගී

චම්ලි ඒකනායක




ආනයනය කරනු ලබන රත්‍රං මත පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිට පනවන ලද 15% නව තීරු බද්ද හේතුවෙන්  වෙළඳ පොළෙහි රන් මිල ඉහළ ගොස් තිබෙනවා. 

කැරට් 22 රත්‍රං පවුමක් මේ හේතුවෙන් රුපියල් 6000න් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචිමාර්ග පවසන්නේ.

මෙම බදු වැඩිවීමට පෙර 50800ට පමණ තිබූ රන් පවුමක් අද (19) දිනයේදී රුපියල් 57000ක් පමණ වන බවයි ව්‍යාපාරිකයින් පැවසුවේ. කැරට් 24 රන් පවුමක් රුපියල් 7000න් පමණ ඉහළ ගොස් ඇති අතර මේ වනවිට එහි වටිනාකම රුපියල් 62000ක් පමණ වනවා.