Sunday, May 5, 2024

General line - 0115112241

ගාල්ලට මුහුදෙන් වැඩි පිළිම වහන්සේ (PHOTOS)

ලලිත් චාමින්ද - ගාල්ල




ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී ගාල්ලේ ධීවරයින් පිරිසකට හමුවූ බුද්ධ ප‍්‍රතිමා මියන්මාරයට අයත් බවට විශ්වාස කෙරෙනවා. බුද්ධ ප‍්‍රතිමා ඇතුලූ තවත් පිළිම කිහිපයක් මෙහිදී සොයා ගත් අතර ඒවා ගාල්ල, කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා.

විහාරාධිපති පූජ්‍ය උලූවිටිකේ බෝධිසීහ හිමියන් පැවසුවේ මියන්මාරයට අයත් මෙම ප‍්‍රතිමා සෞභාග්‍යය ප‍්‍රාර්ථනා කරමින් මුහුදේ පා කර ඇති බවයි. එය මියන්මාර ජාතිකයින්ගේ සිරිතක් බවද ප‍්‍රකාශ කෙරුණා.