Monday, April 29, 2024

General line - 0115112241

ෂේන් වොට්සන්ගෙන් වේගවත් ශතකයක්

කසුන් කැලුම්




අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී වේගවත් ශතකයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ෂේන් වොට්සන් සමත් වුණා. මෙවර අයි පී එල් තරගාවලියේදී වාර්තා වූ දෙවන ශතකයද මෙයයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 5 ක් දැවී ලකුණු 204 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ සියළු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 140 ක් පමණයි. පන්දු 57 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 106 ක් රැස් කළ ෂේන් වොට්සන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. තරගය පැවැත්වුණේ පූනේහිදීයි.