රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද කල් දමා තිබෙනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගයද තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම විභාගය නැවත ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වන බදාදා දිනයි.