Friday, September 20, 2024

General line - 0115112241

වන සත්ව නියාමකවරු අකුරට වැඩ

අරුණ කැළුම් බෝධිමාන්න




සැලසුම් කළ පරිදිම අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා වන සත්ව නියාමකවරුන්ගේ සංගමයේ  සභාපති ඉන්දික වසන්ත පීරිස් පවසනවා. අතිකාල දීමනා සහ වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයේ නිරත වන බවයි ඔවුන් වැඩිදුරටත්  පැවසුවේ. 

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් දක්වා තමන් දැඩි තීරණයකට එළැඹියේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව දිගින් දිගටම නොසලකා හැරීම නිසා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අද සිට ආරම්භ කරන සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල ඇතුළුව සේවා බොහොමයක අඩාලවීම් සිදුවිය හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.