Friday, September 20, 2024

General line - 0115112241

අදත් ගිගුරුම් සහිත වැසි




අදත් පස්වරු දෙකෙන් පසු රටපුරා බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වු තරමක තද වැසිද අපේක්‍ෂිතයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එම ප‍්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. 

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලටද අද වැසි අපේක්‍ෂිතයි. කංකසන්තුරේ සිට ති‍්‍රකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඇතැම්විට පැයට කිලෝමීටර 70 ක් හෝ 80 ක් දක්වා වැඩිවීමටද ඉඩ තිබෙනවා.