කොටහේන පොලිස් වසමේ හෙට්ටියාවත්ත හන්දියේදී ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොටහේන ප්රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
සැකකරු අත්අඩංගුවට ගැණුනේ ඒ පිළිබද විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. මෙම සැකකරු 40 වන වියේ පසු වන්නෙක්.