Friday, September 20, 2024

General line - 0115112241

ග්ලූකෝස් මුසුකොට කසළ තේ හදන කර්මාන්ත ශාලාවක් - කලමණාකරු අත්අඩංගුවට




ප්‍රමිතියෙන් තොර තේ නිෂ්පාදනය කළ පුද්ගලික තේ කර්මාන්තශාලාවක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රංගල, ගැටගහවෙල ප්‍රදේශයේ පිහිටි අදාළ කර්මාන්තශාලාව ප්‍රමිතියෙන් තොර තේ නිපදවන බවට ලද තොරතුරක් මත මහනුවර විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් හා ගම්පොළ ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කළා.

තේ දළු ඇඹරීමේ දී එයට මුසු කරන ද්‍රව්‍යයක් බවට සැක කරන ලද ලික්විඩ් ග්ලූකෝස් කිලෝ 300 බැගින් අඩංගු ප්ලාස්ටික් බැරල් 38ක් හා ලික්විඩ් ග්ලුකෝස් යොදා අඹරන ලද බවට සැක කරන තේ දළු පාර්සලයක් පොලිස් භාරයට ගැනුනා. එම අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ කළමනාකරු  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

සැකකරු වයස අවුරුදු 23ක නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. එම සැකකරු අද (27) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කරනු ඇති.