Tuesday, May 14, 2024

General line - 0115112241

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කොල්කටා නයිට් රයිඩර්ස් පරදවයි




ඉන්දියන් පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් අද (28) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතරයි.

මේ අතර ඊයේ පැවති තරගයකදී ලකුණු 55 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම  පරාජයට පත් කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 219 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර විස්ස නිමා වනවිට කඩුළු 9 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 164 ක් පමණයි.