Saturday, September 21, 2024

General line - 0115112241

නව කැළණි පාලමෙන් වාහන ධාවනය සීමා කරයි 




නව කැළණි පාලම අලුත්වැඩියා කටයුතු සිදු කිරීම හේතුවෙන් හෙට (03) සිට එළඹෙන 05 වැනිදා දක්වා දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ නව කැළණි පාලමේ වරින් වර රථ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹින් පිටවීමේදී සහ කොළඹට ඇතුළුවීමේදී කැළණි වට රවුම අසළදී ඇති වන වාහන තදබදය අවම කිරීම සඳහා සුදුසු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.