Saturday, September 21, 2024

General line - 0115112241

විදේශ රැකියාවට කාර්මිකයන්ගේ ප්‍රමාණයේ අඩුවීමක්

සමන්ත කුමාර




විදේශ රැකියා සඳහා පිටත්ව යන්නන්ගේ සංඛ්‍යාවෙහි ක්‍රමික අඩුවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව සියයට 12යි දශම 6කින් පහළ ගොස් තිඛෙන බවයි එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

2016 වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 42,816ක්. එහත් 2017 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ දෙලක්ෂ 12,162 කු පමණයි. 2014 වසරේ සිටම මෙම ප්‍රවණතාව දක්නට ලැඛෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියා. 

ගෘහ සේවිකා ඇතුළු නුපුහුණු ශ්‍රමිකයින් විදේශගත වීම අවම කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මීට එක් හේතුවක් බවයි හඳුනාගෙන තිබෙන්නේ. මැදපෙරදිග රටවල් ඇතුළු විදෙස් රැකියා වෙළඳපොලෙහි පවතින අඩු ඉල්ලූම සහ සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධ එම රටවල රාජ්‍ය ප්‍රතිපත්ති ද මීට බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.