Saturday, April 27, 2024

General line - 0115112241

හම්බන්තොට ප්‍රදේශ කිහිපයකට පැය 24කට ජලය කැපේ




හෙට (03) පස්වරු 06 සිට අනිද්දා (04) පස්වරු 06 දක්වා පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හම්බන්තොට - බැඳීවැව, කඩවර උතුර, කඩවර දකුණ, වල්සපුගල, තැලවිල්ල, බුරුතකන්ද සහ බඳගිරිය එම ප්‍රදේශ කිහිපයක්.

මහආර, පහළ මත්තල, මත්තල, කැටන්වැව සහ ගොන්නෝරුව යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට සමගාමීව නල මාර්ග විතැන් කිරීමේ කටයුතු සිදු කිරීමේදී සූරියවැව මහවැලි සහ ගල්වැව යන ජල කුළුණු වෙත ජලය ගෙන යන ප්‍රධාන සම්ප්‍රේෂණ නලය නව නලයකට සම්බන්ධ කිරීම හේතුවෙනුයි ඉහත ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ.

අපහසුතා වළක්වා ගැනීම සඳහා කල් ඇතිව ජලය රැස් කර තබා ගන්නා ලෙස එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.