Saturday, April 27, 2024

General line - 0115112241

තේ සහ රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරයි




තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. 

කොළඹ අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

2015 වසරේ සිට ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.

ඒ අනුව වී සහ අනෙකුත් වගාවන්ට ග්ලයිෆොසෙට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනු ඇති.