Sunday, April 28, 2024

General line - 0115112241

දෙවරක් දිවුරුම් දීමේ සිද්ධිය ගැන ඇමති කියන කතාව

චම්ලි ඒකනායක




රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, අද (02) උදෑසන සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දිවුරුම් දෙනු ලැබූයේ රාජ්‍ය පරිපාලන කලමනාකරණ සහ නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින්ය. නමුත් ඊට පැයක පමණ කාලයකට පසු ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලර් ට්වටර් ගිණුමෙහි නිවැරදි කිරිමක් ලෙස දක්වා තිබුනේ ලක්ෂ්මන් සෙනෙවිරත්න විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි.

nethnews.lk අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී පැවසුවේ එවැනි දෑ සිදුවිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුසහගත තත්ත්වයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ  

ලක්ෂ්මන් සෙනෙවිරත්න බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකි.