Thursday, February 20, 2025

General line - 0115112241

පොලිස් අධිකාරීවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකුට ස්ථාන මාරු

සමන්ත කුමාර



පොලිස් අධිකාරීවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ 
පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි. 

ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් අධීකාරීවරයා වන්නේ කේ බී කීර්තිරත්නයි. මඩකලපුව කොට්ඨාශයේ රාජකාරි කළ ඔහු මහනුවර කොට්ඨාශයව වෙත මාරුකර තිබෙනවා. ස්ථාන මාරුවීම් ලැබූ සහකාර පොලිස් අධිකාරීවරුන් අතර ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී 
ඩබ්ලිව් ජේ එච් ෆොන්සේකා සහ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී එච් ඞී එන් අබේවර්ධන ද වනවා.

 ස්ථාන මාරුවීම් ලැබූ  නිලධාරීන්ගේ සම්පූර්ණ ලේඛණය :