Saturday, December 28, 2024

General line - 0115112241

පොරොන්දු ඉටු නොකළොත් සිරගතවීමට සූදානම් වන්නැයි ෆොන්සේකා ආණ්ඩුවේ පිරිසකට කියයි

මේනකා රත්නායක




රාජපක්ෂ පවුලට එරෙහිව නීතිමය කි‍්‍රයාත්මක නොවීමේ වගකිම ජනාධිපතිවරයා භාරගත යුතු බව තිරසර සංවර්ධන, වනජීවි හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේබව කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ අයට එරෙහිව විවිධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා තිබෙන බවත් එම චෝදනා ගැන සාක්ෂි තිබෙනවානම් ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කල යුතු බව ඔහු කියා සිටියා. රටේ සියලුම දෙනාට බලපවතින්නේ එකම නීතියක් බවද සඳහන් කරා.

තමන්ට පොලීසිය භාර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ලබා දිමට යෝජනා වී පසුව එය වෙනස් වූ හේතුව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ තමන් යුධ හමුදා නිලධාරියෙක් ලෙස කටයුතු කල නිසා පොලිසියේ කටයුතු නොදන්නවා වෙන්නට පුළුවන් බවට නියෝජය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් ජනාධිපතිවරයාට කරුණු දන්වා ඇති බවත්, එයට අමතරව තමන්ට විදෙස් ගතවීමේදී විසා ලබා ගැනීමට පවතින ගැටළු ආදී කරුණු හුවා දක්වමින් එම අමාත්‍යධුරය තමන්ට ලබා නොදුන් බවයි.

ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් අත්වන ඉරණමද ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේක මෙහිදී පැහැදිළි කළා. යම් හෙයකින් ඉදිරියේදී යම් ලෙසකින් මහින්ද රාජපක්ෂ බලයට පත්වුවහොත් තමන්ට යලිත් වරක් වැලිකඩ සිරගෙදර යාමට සිදුවන බවයි.