Saturday, September 21, 2024

General line - 0115112241

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය හෙට




එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහනට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් රැසක් හෙට දිනයේ (06) පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ.

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ, මියගිය නායකයින් සිහිපත් කරමින්, පාක්ෂිකයන් මෙන්ම සමස්ත ජනතාවට සෙත්පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ හීල් දානමය පින්කමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතයි.

සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය මැයි 6 වන ඉරිදා රාත්‍රී 9.00 ට ආරම්භ කර පසුදා පහන්වන තුරු පැවැත්වෙන අතර  මැයි 07 වන සඳුදා උදෑසන 7.30 ට සියක් නමක් විෂයයෙහි හීල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය හෙට ( 6) දින උදෑසන පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ද සැමට ආරාධනා කරන බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරන්නේ.