Saturday, September 21, 2024

General line - 0115112241

බදුල්ල නගරයේ ඉපැරණි ගසක් කපා දැමීමට ජනතාවගෙන් විරෝධයක්

පාලිත ආරියවංශ - බදුල්ල




බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති ඉපැරණි ගසක් රාජ්‍ය දැව සංස්ථාව මගින් කපා දැමීමට ගත් උත්සහයකට ප‍්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වසර 200ක් පමණ පැරණි බවට අනුමාන කෙරෙන එම ගස දුර්ලභ රත් සඳුන් ගසක් ලෙස ප‍්‍රදේශවාසීන් හදුන්වන බවයි. 

කෙසේ වෙතත් රාජ්‍ය දැව සංස්ථාව එය මහෝගනී විශේෂයක් බව පවසමින් එම ගසේ අතු කිහිපයක් කපා ඉවත් කර තිබෙනවා. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ එම ගසේ අතු දිරාපත් වීමයි.කෙසේවෙතත් කපා ඉවත් කිරීමට නිර්දේශවූ අතු කොටස්වල කිසිඳු දිරාපත් වීමක් නොවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ගස සම්පූර්ණයෙන් කපා ඉවත් කිරිම නතර වී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.