Saturday, September 21, 2024

General line - 0115112241

පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුමේදී නිල ඇඳුම මාරුවෙයි




පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වෙනුවෙන් නව නිල ඇඳුමක් අද (05) හඳුන්වා දෙනු ලැබුවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමය සිය නිල ඇඳුම වෙනස් කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සුදුසු ඇඳුමක් යෝජනා කරන ලෙස එම සංගමයට දැන්වීමෙන් පසු නව ඇඳුම නිර්මාණය කිරීමට පියවර ගත්තා.

පොළොන්නරුවේ අද පැවති පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවයේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නව නිල ඇඳුම හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මීට පෙර පැවති නිල ඇඳුම ඉවත් කර අද සිට එම නිලධාරීන්ට කමිසයක් සහ කලිසමක් නිල ඇඳුම ලෙස හඳුන්වා දුන්නා.