Saturday, September 21, 2024

General line - 0115112241

සොරකම් කරන ජාතික ආණ්ඩුවේ පාර්ශවයක් ඒකාබද්ධය හෙළි කරයි

කමල් සුරවීර / මේනකා රත්නායක




ජාතික ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයේ සාමාජිකයින් දුෂණ වංචාවලට දැඩි ලෙස සම්බන්ධ වී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු කියා සිටියේ පසුගියදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ හිටපු ජනාධිපතිනියගේ ගෝලයෙක් වන දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අල්ලස් ගැනීමේ සිද්ධියත් සමග හෙළි වන්නේ ආණ්ඩුවේ සිටින ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයද දැන් සොරකම් කිරීමට පෙළඹී සිටින බවයි.

යහපාලන ආණ්ඩුවේ අරමුණ වැරදි කරන කාටවුවත් තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන බවයි. පසුගිය රජය සමයේදී මෙන් නිතිය අතට ගෙන වරදිකල අයව බේරා ගැනීමට මෙම රජය කටයුතු නොකරන බවද අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අමාත්‍ය පී හැරිසන් අදහස් දක්වමින් කියා සිටියා. 

පී හැරිසන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.