Saturday, September 21, 2024

General line - 0115112241

මහනුවර ගැටුම්වලට සම්බන්ධ තවත් තුන් දෙනෙක් අත්අඩංගුවට




මහනුවර ප‍්‍රදේශ කිහිපයක ඉකුත්දා සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙකු අද (05) අත්අඩංගුවට ගැණුනා. ඒ, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින්. මෙම සැකකරුවන් තිදෙනා පූජාපිටිය, අඹතැන්න හා කහවත්ත යන ප‍්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

පූජාපිටිය, අඹතැන්න ප‍්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයකට ප‍්‍රහාර එල්ල කර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් තුන් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැණුනා. ඔවුන් අවුරුදු 21, 22 සහ 55 වන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.