Saturday, September 21, 2024

General line - 0115112241

"වත්තල දිලීප" STF වෙඩි පහරින් මරුට

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




තලාතුඔය ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බන "වත්තල දිලීප" නැමැත්තා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් මරුමුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියා.

මිට මාස දෙකකට පමණ ඉහතදී වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මියගිය පාතාල ක්‍රියාකාරිකයෙක්වූ දඩල්ලේ මංජු නොහොත් ඩී.මංජු යන අයගේ ප්‍රධාන ගෝලයා වන්නේ "වත්තල දිලීප"යි. ඩී.මංජු ගෙන් පසු වත්තල, පෑලියගොඩ ඇතුළු ප්‍රදේශවල මත්ද්‍රවය ජාවාරම් කිරීම, කප්පම් ගැනීමේ කටයුතු මෙහෙයවමින් සිටියේ මෙම "වත්තල දිලීප" බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි එම්. ආර්. ලතිෆ් සඳහන් කර සිටියේ.