Sunday, April 28, 2024

General line - 0115112241

රැළි සඳහා ලංගම බස් 1500ක් දීලා

සජිත් තිලකරත්න




අද (07) පැවැත්වෙන මැයි රැළි සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 1500ක් ලබා දී තිබෙනවා.

එම සියලූ බස් රථ ලබා දෙන්නේ මුදල් ගෙවීමේ පදනම මත පමණක් බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ඞී. චන්ද්‍රසිරි පැවසුවේ. කෙසේවෙතත් අද නිවාඩු දිනයක් බැවින් සාමාන්‍ය බස් රථ ධාවනයට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර මැයි රැළි හා පෙළපාලි පැවැත්වෙන ප‍්‍රදේශ ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වන්නේ සාමාන්‍ය ආරක්ෂක තත්ත්වයක් බවයි පොලීසිය කියා සිටියේ.