Monday, April 29, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය අත්හිටවේ (UPDATE)

පසන් වික්‍රමතිලක




අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්බ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

---------------------------------------------------

දුම්රිය සේවකයින් අද මැදියමෙන් පසු වර්ජනයේ

08-05-2018 12:17

දුම්රිය වෘත්තිය සමිති සහ ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර පැවති සාකච්ඡා අඩාල වීම හේතුවෙන්, අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

------------------------------------------------------

දුම්රිය වර්ජනයට පෙර බලධාරීන් සාකච්ඡාවකට කැඳවයි 

08-05-2018 09:43

දුම්රිය වෘත්තිය සමිති සහ ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් සමග මේ වන විට සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ද ඊට එක්ව සිටින බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික‍්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ.

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අද (08) මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික‍්‍රම වැඩිදුරටත් කියා සිටියේ.

 

-----------------------------------

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් 

(07-05-2018 13:35)

(තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න)

 

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට (08) මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඊට හේතු දැක්වූ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න සඳහන් කළේ "2017.12.13 වැනි දින නවත්වන ලද අපේ වැඩවර්ජනයේදී ජනාධිපතිතුමා සරත් අමුණුගම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම කමිටුවේ අවසන් නිර්දේශය වුණේ මෙම වැටුප් තල ඒ කියන්නේ, අපව තෘතීක මට්ටමට දාලා 2018.02.16 වැනි දිනෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ප්‍රවාහන අමාත්‍යතුමාගේ අත්සන සහිතව සරත් අමුණුගම ඇමතිතුමා ඉදිරිපත් කළා. මේ වන තෙක් එම කැබිනට් පත්‍රිකාව අනුමත නොකිරීම සම්බන්ධයෙන් තමයි අපි වැඩවර්ජනය කරන්නේ." යනුවෙනි.

මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, පාලකවරුන් සහ නියාමකවරුන්ද එක්වනවා.