Saturday, September 21, 2024

General line - 0115112241

"ලොකුම අභියෝගය ලැබෙන්නේ මීළඟ රජයටයි"




ආර්ථික වර්ධනයත් නීතියේ ආධිපත්‍යත් යනු කුරුල්ලෙකුගේ අත්තටු දෙකක් වැනි බවත් අද මෙම කුරුල්ලාගේ අත්තටු දෙකම නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ අනුව මේ වන විට කුරුල්ලා බිම වැටි සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

වියත්මග පානදුර ශාඛාවේ සම්මන්ත්‍රණයට පසුගියදා එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළා.

400ට වැඩි වෘතිකයන්, විද්වතුන් හා ව්‍යවසායකින් මෙම සම්මන්ත්‍රණය සඳහා එක්ව සිටියා. 

මෙහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ මීළඟ මැතිවරණයේදී ජනතාව ජයග්‍රහණය කරවන රජයට ද විශාල අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවන බවයි. ඒ මේ වන විට බිම වැටී ඇති කුරුල්ලා පියාඹවීම එම අභියෝගය බවයි පෙන්වා දුන්නේ.