Monday, April 29, 2024

General line - 0115112241

දුමින්ද සිල්වාගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට

අධිකරණ වාර්තාකරු




භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු 05දෙනෙකු ගොනු කර ඇති අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (08) විභාගයට ගැණුනා. එහිදී මෙම නඩුවේ විත්තිකරුවකු වන අනුර තුෂාර ද මෙල් නමැත්තා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සිය වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. 

එහිදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ සිය සේවාදායකයා වරදකරු කිරීමට මහාධිකරණය නිකුත් කළ නියෝගය දෝෂ සහගත බවයි. අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවූ අතර වැඩිදුර විභාගය සඳහා එය ලබන 10 වනදාට කල් තැබුණා.