Friday, April 19, 2024

General line - 0115112241

කොදෙව්වන් ඉන්දියාවට පරදී




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 92කින් ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

ඇන්ටිගුවා හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 566ක්.

කොදෙව් පළමු ඉනිම ලකුණු 243කට සීමා වුණා. ඔවුන්ට දෙවන ඉනිමේදී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 231ක් පමණයි.

මෙම තරගයේදී විරාත් කෝලි ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඉන්දීය පළමු ඉනිමේදී ශතකයක් සහ කොදෙව් දෙවන ඉනිමේදී කඩුලු 7ක් දවාගත් රවිචන්ද්‍රන් අෂ්වින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.