Monday, May 6, 2024

General line - 0115112241

ලෝක වාර්තාවකට හිමිකම් කියන අනුරාධපුරේ චමනි අරාබියෙන් උස්සයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා ජාතික කාන්තා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ චමනි සෙනෙවිරත්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා සංචිතයට නම් කර තිබෙනවා. එ් ලබන ජූනි මස නෙදර්ලන්තයේ ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහායි.

අබුඩාබි කී‍්‍රඩාංණයේ පැවති ඒ සදහා වන පුහුණු සැසියක් සදහා ඇය එක් වුණා. අනුරාධපුරයේ උපත ලද චමනි සෙනෙවිරත්න අවසන් වරට ශී‍්‍ර ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළේ 2013 වසරේදීයි. තුන් ඉරියව් කී‍්‍රඩිකාවක් වන ඇය කලක් ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කළා.

39 හැවිරිදි වියේ පසුවන චමනි සෙනෙවිරත්න එක්දින තරග 80කදී සහ පන්දුවාර විස්ස තරග 32කදී ශී‍්‍ර ලංකාව නියෝජනය කර තිබෙනවා. කාන්තා ටෙස්ට් තරගයක අංක 8 පසුපෙළ කී‍්‍රඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද චමනි සෙනෙවිරත්නයි.

ඇය 1998 වසරේ දී පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.