පවතින වැසි සහ ආපදා හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 22ක පුද්ගලයින් ලක්ෂ 04කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ 12ක්.
ආරක්ෂිත ස්ථාන 345ක පුද්ගලයින් 36,330 දෙනෙකු තාවකාලිකව රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.
දැදුරු ඔය, මල්වතු ඔය සහ මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ මට්ටමක පවතින බැවින් එම ගංඟා ද්‍රෝණි ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය.
දිවයින පුරා පවතින සියලුම ජලාශයන්හි ජල මට්ටම් ඉහළ අගයක පවතින බැවින් ජලාශ ආශ්රිත පහත් බිම්වල ජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.