Wednesday, May 1, 2024

General line - 0115112241

උදේ ගිය මන්ත්‍රි රෑ වෙනකම් ඇතුළේ

කසුන් කැළුම්




මහනුවර පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගමගෙන් පැය 12කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර තිබෙනවා.

ඊයේ (15) උදැසන 11.30ට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසයට පැමිණි මන්තී‍්‍රවරයා පිටව ගියේ ඊයේ රාතී‍්‍ර 11.30ට පමණයි.

පරීක්ෂණවලට අදාළව දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයාගේ ජංගම දුරකතනයද ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබෙනවා. එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරු රැසක් දිලුම් අමුණුගම මන්තී‍්‍රවරයා ප‍්‍රකාශය ලබාදී පැමිණෙන තෙක් ඒ අසල සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.