Sunday, May 12, 2024

General line - 0115112241

වෙන්නප්පුවේ සිට හලාවත දක්වා මුහුදු බඩ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා (UPDATE)

ජූඩ් සමන්ත - පුත්තලම




පිටාර ගලා යමින් පවතින කඩුපිටි ඔයේ ජලය කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෝය කපා දැමීමත් සමග පිටාර ගලා යමින් තිබූ ජලය බැස යමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

තල්විල මෝය කපා දැමීමත් සමග වෙන්නප්පුවේ සිට හලාවත දක්වා වන මුහුදු බඩ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා. මෙම ස්ථානයේ පාලමක් ඉදිකරන ලෙස වසර ගනනාවක සිට ජනතාව වගකිව යුත්තන්ට පවසා ඇතත් එයට මෙතෙක් විසදුමක් ලැබී නැහැ.

කඩුපිටි ඔය පිටාර ගලා යන සෑම අවස්ථාවකදීම තල්විල මෝය කපා දැමීම සිදු වන අතර, ඊට ස්ථීර පිළියමක් යෙදීමට වගකිවයුතු අංශ මෙතෙක් කටයුතු කර නැහැ.