Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්දීය ආණ්ඩුව පිළිබඳව ජනතා අදහස් විමසයි

සමන්ත කුමාර - විදෙස් පුවත් ඇසුරෙන්




සිය ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ අදහස් විමසන සමීක්ෂණයක් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කර තිබෙනවා.

‘‘නමෝ’’ නමැති විශේෂිත ඇප් එකක් යොදා ගනිමින් එම සමීක්ෂණය ඊයේ (26) දිනයේ ආරම්භ කෙරුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෝදි රජයේ හතරවන සංවත්සරයට සමගාමීව මෙම සමීක්ෂණය ආරම්භ කර තිබෙනවා. මෝදි පාලන ක‍්‍රමය සහ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ජනතා මතය විමසීම එමගින් අපේක්ෂා කෙරෙනවා.