Wednesday, May 1, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක පුටුව සිය කණ්ඩායමට ගන්න ඒකාබද්ධ විපක්ෂයේ සූදානමක්

හේමන්ත කහවලගේ




පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට සිය කණ්ඩායම නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු යෝජනා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.

නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි යෝජනා කිරීමට ද ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින්ගේ අවධානය යොමුව ඇතැයි සඳහන්. 

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන් යෝජනා කෙරුණා.

කෙසේ වෙතත් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ශ්වයෙන් ඊට විරෝධයක් එල්ල වී තිබෙනවා. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ දැනට නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය දරණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත් කළ යුතු බවයි. මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්, මුජුබර් රහුමාන් මන්ත‍්‍රීවරයාගේ නමද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කළා.