Tuesday, May 7, 2024

General line - 0115112241

වේගයෙන් ගිය රිය ප්‍රපාතයට - ගමන්ගත් පිරිස පලා යයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ මෝටර් රථයක් හැටන් කුයිල්වත්ත ප‍්‍රදේශයේ දී අඩි 25ක පමණ ප‍්‍රාපතයකට පෙරළී තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය මාර්ග සංඥා කුළුණක ගැටී මාර්ගයෙන් ඉවතට ගොස් ප‍්‍රපාතයට පෙරළී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් පසු මෝටර් රථයේ සිටි පුද්ගලයින් පලා ගොස් තිබෙනවා. මෝටර් රථයේ තිබී මත්පැන් ටින් කිහිපයක් ද සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.