Friday, May 10, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහන

සජිත් තිලකරත්න




රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ පැවැති නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන 26 වැන්න ඊයේ (28) සාර්ථකව නිමාවට පත්වුණා. ඒ, අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවයෙන් අනතුරුවයි. යූ ආර් අ ලීඩර් වැඩසටහන හරහා සිසු දරුවන්ගේ ධනාත්මක වෙනසක් දක්නට ලැබුණු බවයි පාසලේ ගුරුවරුන් පැවසුවේ. 

ඉකුත් 25වනදා ආරම්භ කෙරුණු නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන දින 04ක් පුරා රත්ගම දේවපතිරාජ ජාතික පාසලේදී පැවැත්වුණා. ඊට සිසු දරුවන් සියයක් සඳහා දෙදින නේවාසික කඳවුරක්, පාසලේ සියලූ සිසුන් සඳහා පද්‍ය ගායනා, ගද්‍ය රචනා, චිත‍්‍ර සහ කථීක තරග, ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා විභාග රහස් පිළිබඳ විශේෂ දේශනයක්ද පාසලේ ගුරුවරුන් උදෙසා සහ මාපියන් උදෙසාද දේශන පැවැත්වුණා.