Friday, May 10, 2024

General line - 0115112241

තේ කොළ මුවා වෙන් ආනයනය කල මත්ද්‍රවය කිලෝග්‍රෑම් 1187 ක් අත්අඩංගුවේ (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තේ කොළ පැකට් ලෙස හුවා දක්වමින් මියන්මාරයේ සිට ආනයන කර තිබු " ක්‍රිස්ටල් මෙත්" නම් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 1,187ක් සහ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මැලේසියානු රේගු බලධාරීන් සමත්ව තිබෙනවා. මෙම මත්ද්‍රවය තොගයේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 18 ක් බවට වාර්තා වන්නේ.

ක්‍රිස්ටල් මෙත් නම් මෙම කෘතීම මත්ද්‍රවය භාවිතය මේ වන විට දකුණු ආසියානු රටවල් පුරා ඉහල යමින් තිබෙනවා. 

මැලේසියාව තුල සොයා ගනු ලැබූ විශාලතම ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රවය තොගය මෙය බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. 

මෙම මත්ද්‍රවය තොගයට අමතරව එම කන්ටේනරය තුල තිබී හෙරොයින් සුළු ප්‍රමාණයක් සහ සිගරට් මිලියනයක් ද හමුවූ බව මැලේසියානු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සුබ්‍රමනියම් තොලාසි මාධ්‍ය වෙත කියා සිටියා.

මෙම මත්ද්‍රවය භාවිතා කරන්නන් ඉතා ඉක්මනින් එයට නැඹුරු වන බවත් මේ වන විට හොරොයින් භාවිත කරන පිරිසට වඩා වැඩි ප්‍රමාණයක් "ක්‍රිස්ටල් මෙත්" නම් මෙම මත්ද්‍රවය භාවිතයට යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

2017 වසරේ දී නිකුත් කල ලෝක ඖෂධ වාර්තාවට අනුව "ක්‍රිස්ටල් මෙත්" ලොව තර්ජනාත්මක මත්ද්‍රවය ලෙස හදුන්වා දී තිබෙනවා.