ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා තැමුණු දකුණු පළාතේ සියළු පාසල් හෙට (30) යළි විවෘත කරනවා. කෙසේවෙතත් පෙර පාසල් යළි ආරම්භ වන්නේ ලබන සදුදා දිනයේයි. පාසල් තවදුරටත් වසා තැබිය යුතු බවට සෞඛ්‍ය අංශවලින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නැතැයි නෙත් නිවුස් කළ විමසීමකදී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්ර සදහන් කළා.
දකුණු පළාතේ ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය පැතිරීම පාලනය වී ඇතත් තවදුරටත් එහි අවදානම පවතින බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් අමුණුගම ඊයේ (28) ප්‍රකාශ කළේ. මේ දක්වා රෝගී වූ දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.