ජල සම්පාදන සේවකයින් හෙට දිනයේ බස්නාහිර පළාතේ සියළු සේවාවලින් පැය 4 කාලයක් ඉවත්වීමට සූදානම් වනවා. ඒ, වැටුප් වැඩිවීම් ඇතුළු තම ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. මේ, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක.
2018 වසරේ වැටුප් වැඩි වීම මෙතෙක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට ගන්නා බවයි. අමාත්‍යාංශය මගින් 25% ක වැටුප් වැඩි වීමක් සිදුකරන බවට ලිඛිතව දැනුම් දුන්නත් එය මෙතෙක් ඉටු කර නොමැති බවයි. හෙට දිනයේ පැවැත්වෙන වෘත්තීය ක්‍රියා මාර්ගයට නිසි පිළිතුරක් නොලැබුනොත් 31 වෙනිදා සිට දීපව්‍යාප්ත ජලසේවකයින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බවයි.
තම ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් අනිද්දා සිට දිවයින පුරා පැය 4 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.