නේවාසික ශී‍්‍ර ලංකා දුත මණ්ඩල හෝ කොන්සල් කාර්යාල පිහිටා නැති ඉහළ අවදානමකින් යුත් රටවල රැකියා සදහා පිටත්ව යාමේදී දැඩි සැලකිල්ලක් දක්වන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඊට හේතු වී ඇත්තේ සෝමාලිලන්තයේ අතරමංව සිටි ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණිකයින් 12 දෙනෙක්. ඔවුන් සංක‍්‍රමණය පිළිබද ජාත්‍යන්තර සංවිධානයේ සහාය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. සෝමාලිලන්තයේ ශී‍්‍ර ලංකා දුත මණ්ඩලයක් හෝ කොන්සල් කාර්යාලයක් හෝ පිිහිටා නැහැ. එබැවින් මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමේදී සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ ඉතියෝපියාවේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයයි.