Sunday, May 12, 2024

General line - 0115112241

තද සුළං අවධානම තවමත් - බිදවැටුණු විදුලි සැපයුම ක‍්‍රමයෙන් යථා තත්වයට

කසුන් කැලුම් / සජිත් තිලකරත්න




මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්  ප‍්‍රදේශ වලට විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප‍්‍රදේශ වලද සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩිවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෙම තත්වය ඉදිරි දින දෙක තුලත් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසයිි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට බිදවැටුණු විදුලි සැපයුම මේ වනවිට යථා තත්වයට පත් කරමින් සිටින බව විදුලිබල හා පුනර්ජණනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ වන විට ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුමද ලබා දී ඇති බවයි.