Thursday, May 2, 2024

General line - 0115112241

ලාස්ට් මෑන් ස්ටෑන්ඞ් රේස් ටු චෙස්ටර් අනුරාධපුර දිස්ත‍්‍රික් ශූරතාව සමාධි ක‍්‍රීඩා සමාජයට

කසුන් කැලුම්




ලාස්ට් මෑන් ස්ටෑන්ඞ් රේස් ටු චෙස්ටර් 2018 ක‍්‍රිකට් තරගාවලියේ දිස්ත‍්‍රික් තරග වටය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමාධි ක‍්‍රීඩා සමාජය සමත් වුණා. 

නවතම ආකාරයේ විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ මාතලේ යංග් හාර්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම අවසන් මහ තරගයේදී කඩුලූ 6 ක ජයක් වාර්තා කල සමාධි ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩකයෝ ලබන මස කොළඹදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.

කණ්ඩායම් 3 කගේ සහභාගිත්වයෙන් පැවැත් මෙම තරගාවලියේදී අවසන් මහ තරග වරම් දිනාගත් යංග් හාර්ට්ස් කණ්ඩායම පන්දුවාර 15.4 කදී ලකුණු 97 කට සීමා කළ සමාධි ක‍්‍රීඩකයෝ අදාළ ඉලක්කය 13 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඉක්මවාලන විට දැවී ගොස් තිබුණේ කඩුලූ 4 ක් පමණයි.

සමාධි පිල වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක් සටහන් කළ එරන්ද කුරුනේරු පන්දුවාර 2 කදී ලකුණු 50 කට කඩුලූ 4 ක් දවා ගනිමින් අවසන් මහ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

කොළඹ දිස්ත‍්‍රික් තරගාවලිය ජුනි මස 2 සහ 3 කොළඹදීද ක‍්‍රියාත්මක වන අතර එ් සඳහා සහභාගිවීමට කැමැති කණ්ඩායම් වෙතොත් දුරකතණ අංක 0770 514549 හෝ 0778 117333 ඇමැතීමෙන් ලබාගත හැකියි.