ජල සම්පාදන සේවකයින් අද දිනයේ බස්නාහිර පළාතේ සියළු සේවාවලින් පැය 4 කාලයක් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, වැටුප් වැඩිවීම් ඇතුළු තම ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පලකරමින්. අද පෙරවරු 9 සිට දහවල් 1 දක්වා මෙම වැඩවර්ජනය සිදුකරන අතර උදැසන 11 ට සිය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලෙන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියා.
එමෙන්ම ඉංජිනේරු සහ ඉංජිනේරු නොවන විධායක නිලධාරින් අද සිට අකුරට වැඩ කිරීමක් අරඹන බවත් සිය ඉල්ලීම් වන 25% ක වැටුප් වැඩිවීම ලබා නොදුන හොත් හෙට (31) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නියැලෙන බවද මෙහිදී අවධාරණය කර සිටියා.
සිය වර්ජනයෙන් ජල සම්පාදන මණ්ඩලයට වන බලපෑම් පිළිබදවද මෙහිදි විස්තර කෙරුණා.