ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දකුණු පළාතේ සියළු ප්‍රාථමික පාසල් අද (30) යළි විවෘත කෙරෙනවා. කෙසේවෙතත් පෙර පාසල් ලබන සදුදා දිනයේදී විවෘත කෙරෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්ර නෙත් නිවුස් වෙත කියා සිටියේ.
දකුණු පළාතේ ඉන්ෆ්ලූවෙන්සා වෛරස් උණ රෝගය හේතුවෙන් මේ දක්වා රෝගී වූ දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ අතර පැවති ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල්ද අද යලි විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.