Sunday, April 28, 2024

General line - 0115112241

නිවසකට කඩා වැදුණු කල්ලියක් බිළිඳෙකු පැහැරගෙන යයි (PHOTOS)

මාධව කුලසූරිය




නිවසක් තුළ සිටි මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ පැහැරගෙන ගොස් තිබෙනවා.

වවුනියාව, ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමු වන හරස්වීදියේ නිවසක මෙම සිද්ධිය ඇතිව තිබෙන බවයි වවුනියාව පොලිසිය පැවසුවේ.

අද අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

දරුවා‍ගේ මව පැවසූවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන තිබූ බවයි. අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව සැක කරනවා.

පොලිසිය පැවසූවේ දරුවා පැහැරගෙන ගිය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බවයි.