Sunday, April 28, 2024

General line - 0115112241

පොලිස් උත්තමාචාර මැද මිහිදන් වුණු "කෝරා" (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




කෝරා සුනඛයාගේ අවසන් කටයුතු හැටන් පොලිස් නිලධාරින්ගේ ගෞරවය මැද්දේ  අද (31) පස්වරුවේ ආගමික වතාවන් පවත්වා හැටන් පොලිසියේදි සිදු කෙරිණා.

හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ වසර 03 ට වැඩි කාලයක් සේවය කරමින් සිටියදි මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ ඉකුත් 29 වෙනිදා කෝරා සුනඛයා මියගියා. කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සහ ශ්‍රීපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ වන්දනාකරුවන් රැසක් නිතියේ රැහැනට කොටු කර ගැනිමට සමත් වූවෙක්.

කෝරා ගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර , මඩකලපුව,බණ්ඩාරවෙල යන පොලිස් ස්ථානවලද රාජකාරිකර තිබෙනවා. 

හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ වසර 03 වැඩි කාලයක් රාජකාරි කළ කෝරා සුනඛයා මිය ගොස් ඇත්තේ පිලිකාවක් හේතුවෙන් බව පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වි තිබෙනවා. මරණ පරික්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මගින් සිදු කෙරුණා.